Friday, September 20, 2024

මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි

Must read

මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.

මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබු බවත් ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවත් ධීවරයෝ කියති.මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇති බවද ඔවුහු පවසති.

ධීවරයින් පවසන්නේ සුනාමිය පැවති අවස්ථාවේදි පවා මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා ඒම සිදු නොවු බවයි.

මුතු පන්තිය ග්‍රාමීය සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“ මේ තත්වය කිසිම දවසක අපේ දූපතට බලපා තිබුනේ නැහැ.ඇත්තටම මේක හිතා ගන්න බැරි තරමට මුහුදු රළ ඉහළ ගොස් ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිවලටත් ඉහළින් මුහුදු රළ දුපතට ගලා විත් තිබුණා.
මෙය හිතා ගන්න බැරි දෙයක්. කාලගුණ අංශත් මෙහෙම මුහුද සැර වෙනවා කියලා දැනුවත් කර තිබුනේ නැහැ” යැයි ඔහු පැවසීය.

පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එම ස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවිය.

(ඡායාරූප හා සටහන උපුටාගැනීම – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article