යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයිකාල්හිදී සිදුවූ දෙමළ ජන සංහාරයේ 15 වැනි සංවත්සරයේ සිදුවීම් පෙරවරු 10.30 ට මුල්ලිවයිකාල්හිදී මහජන කොඩි එසවීමේ උත්සවයකින් ආරම්භ කරනු ලැබීය. ගිනිසිළුව දල්වා මියගිය තම ඥාතීන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දක්වා ඥාතීන් විසින් ගෞරව දක්වමින් සැමරුම් ආරම්භ කෙරිණි. විශේෂයෙන් අද සිදුකරන 15 වැනි සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් මුල්ලිවයිකාල් අනුස්මරණ අංගනයට පැමිණ උපහාර උත්සවයට සහභාගි වූ අතර මුල්ලිවයිකාල් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
ඉන් අනතුරුව ආගමික නායකයින්, දේශපාලන නායකයින්, මහජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් මුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම අඛණ්ඩව සිදු කර ඇත.
ඡායාරූප – ෂන්මුගම් තවසිලන්