Monday, December 23, 2024

මුලතිව් නීතීඥවරු කළු මුහුණු ආවරන පැළඳ උසාවියේ

Must read

මුලතිව් දිසා විනිසුරුවරයාට මුහුණ දීමට සිදුවූ තර්ජනය සහ ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමේ සිදුවීමට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා  මුලතිව් දිස්ත්‍රික් නීතීඥවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන අතර පෙරේදා  අටවැනි දිනය යෙදි තිබිණි.  මුලතිව් නීතිඥ සංගමයේ සභාපති පරංජෝඩි මහතා කියා සිටියේ අධිකරණ රාජකාරි ඇඳුම්  වෙනුවට  කළු මුහුනු  ආවරන පැළඳ නඩුවලට පෙනී සිටින බවයි.

ඒ ආකාරයට අද (10) අඛන්ඩ වැඩ වර්ජනය නතර කළ මුලතිව් නීතීඥවරුන් මුලතිව් අධිකරණයේ කටයුතුවලදී කළු මුහුණු ආවරන පැළඳ සිටින ආකාරය නිරීක්ෂණය විය.

විනිසුරුවරයාට සාධාරණයක් ඉටුකිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස කළු මුහුණු ආවරණ පැළඳ මෙම ක්‍රියාදාම මාලාව සිදුකරන බවත් විනිසුරුවරයාට නිසි සාධාරණයක් ඉටුනොකළහොත් විවිධ ආකාරයෙන් විරෝධතාවයේ නිරතවන බවත් නීතීඥවරු පවසා සිටිති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article