Wednesday, March 26, 2025

මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුටත් මැර ප්‍රහාරයක්!

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලමේ කෑලබද ප්‍රදේශයක අනවසර වැලි ඡාවාරමක් ගැන පුවතක් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදියෙකු වන සංමුගම් තවසිලින් ඊයේ දහවල් වැලි ඡාවාරම්කරුවන්ගේ මැර ප්‍රහාරයකට ලක්ව තිබේ.

මෙම වැලිඡාවාරම විඩියෝගත කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් තවසිලන්ට පහර දි ඔහුගේ කැමරා ආම්පන්නවලට මෙන්ම ජංගම දුරකථනයටද  හානි කර තිබුණි.මාධ්‍යවේදී තවසිලන් මුලතිව් මාධ්‍ය සමාජයේ ප්‍රධානියෙකුද වෙයි.

ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

මිට වසර කිපයකට පෙර තවසිලන් මුලතිව් දිස්ත්‍රික්කයේ දැව ඡාවාරම්කරුවන්ගේද ප්‍රහාරයකට ලක්ව තිබුන අතර එම ප්‍රහාරයේදි ඔහුගේ දත් කිහිපයකටද හානි සිදුව තිබුණි.

පසුගිය මාස තුනක කාලය තුල කිලිනොච්චි ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද නීති විරෝධි ඡාවාරම් වල යෙදෙන මැරයන්ගේ ප්‍රහාර වලට ලක්ව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article