Friday, September 20, 2024

මුතුරාජවෙල ගින්නෙන් කඩොලාන පද්ධතියට හානියක් සිදුව නැතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය කියයි

Must read

පසුගියදා සීදුව ප්‍රදේශයේ කටුනායක සීදුව නගර සභාව විසින් කසල බැහැර කරන ස්ථානයක ඇතිවූ ගින්නක් හේතුවෙන් ප්‍රදේශය පුරා පැතිර ගිය අධික දුමාරය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගය පවා පැය කිහිපයක කාලයක් වසා දැමීමට සිදුවිය.

මේ වන විට මෙම ගින්න සම්බන්දයෙන් පරිසර සංවිධාන හා පරිසරවේදීන් සෘජුවම කටුනායක සීදුව නගර සභාව වෙත ඇගිල්ල දිගු කරන අතර කඩොලාන වැනි සංවේදී පරිසර කලාපයට කසල බැහැර කිරීම සම්බන්දයෙන්ද නගර සභාව වෙත දැඩි දෝශාරෝපන එල්ල වෙමින් පවතී. එයට පිළිතුරු වශයෙන් කටුනායක සීදුව සභාව පවසන්නේ මෙම ගිනි ගැනීම සිදුවූයේ කඩොලාන රක්ෂිතයන්ට අයත් ප්‍රදේශයක නොවන බවය.

ඒ අතර අද දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් වියත්මග සාමාජිකාවක්ද වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සදහන් කරන්නේ මෙම ගින්නෙන් කඩොලන ශාක වෙත කිසිදු හානියක් සිදුව නොමැති බවය.

මේ සියලු කරනු සලකා බැලීමේදී ,එදා දේවානි ජයතිලක මහත්මියගේ නිර්භය හැසිරීමත් සමග මේ වන විට සමාජයේ ප්‍රධාන මාතෘකාවක් පවට පත්ව ඇති පරිසර විනාශය දේශපාලන අධීකාරය හා පරිසරවේදීන් අතර ගැටුමක් ඇති කර තිබෙන බව පැහැදිලිය. දේශපාලන අධිකාරිය පරිසර විනාශයන් සිදුවන බවට පිළිගැනීමට ඉදිරිපත් නොවීමද පැහැදිලිව දක්නට ලැබේ. සීතා අරඹේපොල වැනි වියත් කාන්තාවකගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත්වීමම මේ පිටුපස ඇති දේශපාලන අධිකාරයේ බලය මොනවට කියපෑමට සමත්ය.

එමෙන්ම විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ටිකෙන් ටික පරිසර විරෝදී මාවතට හැරෙමින් පවතින ආකාරය පසුගියදා ඒ මහතා සදහන් කල කරුණු  වල ගැබ් වී තිබිණි.ඒ අනුව සනත් නිශාන්ත වැනි නූගතුන්ට එරෙහිව පමණක් නොව සීතා අරඹේපොල , ගෝඨාභය රාජපක්ෂ වැනි වියතුන්ට එරෙහිවද දේවානි ජයතික වැනි පෞර්ෂයයන් තව තවත් බිහි විය යුතුය. එසේ නොමැති නම් නොබෝ දිනකදීමට මේ සියලු පරිසර රක්ෂිතයන් දේශපාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ දේපල බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article