මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයේ මුල් අදියරය මෙම වසර අගදී ජනතාවට භාරදිය හැකි වනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි.
මේ වන විට උද්‍යානයේ කටයුතු වලින් 40%ක් පමණ අවසන් බවත්,මේ වසර සදහා රුපියල් මිලියන 900 ක මුදලක් මීතොටමුල්ල උද්‍යානය සැකසීමට වෙන්කර ඇතැයිද ඒ මහතා සදහන් කර සිටියි.