අද (05) දිනයේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව විසින් ඔක්තෝම්බර් 26 වෙනි දින ව්‍යවස්ථා විරෝධී අන්දමින් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට පත් කිරීමට විරෝධය පළ කරමින් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැති විරෝධතාවයට මහා වැසි නොතකා විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් එහි සිටිමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, අත් පත්‍රිකා බෙදමින් තමන්ගේ විරෝධතාවය දැක්වීය.
එහිදී වෘත්තීය සමිති නායක සහ සිවිල් සමාජ ක්‍රියාදර සමන් රත්නප්‍රිය මහතා අයිතියට මෙසේ අදහස් දැක්වීය.
”මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල නැති විදියට, ව්‍යවස්ථාවට අදාල නැති විදියට මහින්ද රාජපක්ෂව අගමැති කරපු එක සම්පූර්ණයෙන්ම නීති විරෝධි කියන කාරණය අද අපේ කතානායකවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශයක් මගින් රටට ඔප්පු කරලා තියෙනවා. කතානායකවරයා කියලා තියෙනවා බහුතරය මහින්ද රාජපක්ෂට නැහැ. මේ කරපු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූල නැහැ. මේක රට පිළිගන්නෙත් නැහැ. ජාත්‍යන්තරය පිළිගන්නෙත් නැහැ. ඒක නිසා ඔහු අගමැතිවරයා විදියට පිළිගන්නේ හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව.
දැන් රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා. ජනාධිපතිවරයා කියනවා අගමැති මහින්ද රාජපක්ෂ, කතානායකවරයා කියනවා නෑ නීත්‍යනුකූල අගමැති රනිල් වික්‍රමසිංහ කියලා. මේ අර්බුදය නිර්මාණය කළේ මෛත්‍රීපාල සිරිසේන. ඔහු ජනමතයට පයින් ගැහැව්වා. ඔහු 2015 අභිලාෂයන්ට පයින් ගැහැව්වා. අපිත් එක්ක අත්සන් කරපු ගිවිසුම්වලට පයින් ගැහැව්වා. ඔහුගේ කැත දේශපාලන අභිප්රායන් ඉෂ්ට කරගන්න මහින්ද රාජපක්ෂව ගෙනල්ලා පුටුවේ ඉන්ඳවලා තියෙනවා. ඔහු එදා කිව්වේ මහින්ද රාජපක්ෂට දූෂිතයා කියලා, හොරා කියලා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ආවොත් මට වෙන්නේ අඩි 06ක් යටට යන්න කියලා ඔහු කිව්වා. දැන් එහෙම යන්න වෙනවා කියලා කියපු පුද්ගලයා අගමැති පුටුවේ වාඩි කරගෙන දූෂිතයෝ අල්ලනවද? හොරු අල්ලනවද? ඝාතතකයෝ අල්ලනවද? කියන එක තමයි ජනතාව විදියට අපිට අද ප්‍රශ්න කරන්න තියෙන්නේ.
කොහොම වුනත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ ඔයා ඉතාම නිහීන,කැත, විදියට තමයි මේ රටේ ව්‍යවස්ථාව ඉරලා දාලා මේ වැඬේ කළේ. කරුණාකරලා දැන් නවත්වන්න. දැන් බිලි කිහිපයක් අරගෙන තියෙනවා මේ කාරණය උඩ. තවත් ලේ හොල්ලන්නද මේ හදන්නේ. අද මිනිස්සු පාරට එනවා. මිනිස්සු සිවිල් නීති කඩයි. කතානායකවරයා කියනවා කව්ද අගමැති කියලා. ඔයා පිළිගන්නේ නැත්නම් මේ තත්ත්වය තුළ රට බරපතල අර්බුදයකට යනවා. ඒ අර්බුදය හදන්න ඔයා මේ රටේ ජනාධිපති වුනේ. එහෙම නැත්නම් රට හදන්නද කියන එක තමයි ප්‍රශ්න කරන්න වෙන්නේ.
කොහොම වුනත් ඉතා පැහැදිලිය මෛත්‍රීපාල සිරිසේනට වැඩි දුර යන්න බැහැ. ඉදිරි සතිය දෙක ඇතුළත පාර්ලිමේන්තුව රැස් කරන්නම වෙනවා. පාර්ලිමේන්තුව රැස් කරායින් පස්සේ කාටද බහුතරය තියෙන්නේ කියන කාරණය ඔප්පු වේවි. අද එක්සත් ජාතික පක්ෂය එක තැනක ඉන්නවා. එත්සත් ජාතික පෙරමුණ එක තැනක ඉන්නවා. ටී.එන්.ඒ එක තැනක ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් ඉතා හොඳ මතයක ඉන්නවා. ඉතා පැහැදිලියි ඡන්දයක් ආවොත් පාර්ලිමේන්තුවේ බහුතරය 125,130 ක බහුතරයකින් හිටපු අගමැතිවරයා අගමැති බවට පත් වෙනවා කියලා. එහෙම නොකර, එහෙම කරන්න කලින් මෛත්‍රීපාල සිරිසේන පුළුවන් තමන්ගේ පරාජය පිළිගන්න. එහෙම පිළි අරගෙන මේ වැඩේ අවසාන කරන්න. එහෙම නැතිවුනොත් ජනතාව පාරට බැහැලා, පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනල්ලා ඔබව ඉවත් කරාවි මේ රටේ මිනිස්සු සහ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය. එහෙම වුනොත් ඔබට යන්න වෙන්නේ නිකම්ම නිකන් නිහීන, නිකමෙක් විදියට. ඒ තැනට පත්වෙන්නේ නැතුව දැන් හරි ප්රශ්නය අවබෝධ කරගෙන මේ කාර්ය අවසන් කරන්න කියලා තමයි මේ රටේ වෘත්තීය සමිති විදියට සහ මහජනතාව විදියට අපි ඔබට කියන්නේ.”
aithiya.lk
වීඩියෝව පහතින්…