Friday, September 20, 2024

මැතිවරණයට තාවකාලික අයඳුම්පත්

Must read

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට තාවකාලික හැඳුනුම්පතක් ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ සම්බන්දයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් දැනුවත්කර ඇත.

අදාළ අයැදුම්පත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත හැකිය. එම අයැදුම්පත සම්පූර්ණ කර මෑතකදී ලබාගත් කළු සුදු හෝ වර්ණ (පළල සෙන්ටිමීටර් 2.5ක් හා උස සෙන්ටිමීටර් 3 ක් ) උඩුකය ඡායාරූප පිටපත් දෙකක්ද සමග 29 වැනිදාට පෙර අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි හෝ වතු අධිකාරිට භාරදිය යුතුය.

නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා මෙ මස 29 වැනිදා දක්වා අයැදුම්පත් භාරදෙන අයැදුම්කරුවන්ට,ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය ප්‍රමාණවත් බවද මැතිවරණ කොමිෂන් සභාව කීවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article