Wednesday, May 14, 2025

මාස 4ක් ඇතුළත පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පත්කරනවා – බිමල් රත්නායක

Must read

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා යාපනයේ, පලාලි ගුවන් තොටුපලේ නීරීක්ෂන චාරිකාවක නිරත විය. ප්‍රථම වරට ගුවන් තොටුපළ වෙත ගිය අමාත්‍යවරයා ගුවන් තොටුපළේ පුළුල් කිරීම් සහ එහි සේවාවන් පිළිබඳව විමසා සිටියේය.
ප්‍රථම වරට ගුවන් තොටුපළ වෙත ගිය අමාත්‍යවරයා ගුවන් තොටුපළේ පුළුල් කිරීම් සහ එහි සේවාවන් පිළිබඳව විමසා සිටියේය.මේ අතරතුර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති හර්ෂ අභය වික්‍රම මහතා ඇතුළු සේවකයන්ගේ සේවාවන් පිළිබඳව විමසා සිටියේය.

මේ අතරතුර මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට අපි පරණ ආණ්ඩුව වගේ බොරු කියන්නේ නැහැ, ගුවන් තොටුපළේ සැලසුම් සිතියම ඇතුළු විවිධ වැඩ ව්‍යාපෘති අවසන් කර ඇති අතර එම නිසා එහි සැලසුම් අනුව මාස හතරක් ඇතුළත ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කරන ලදී.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුතුනාදන් ඉලංගුමාරන්, වෛද්‍ය ශ්‍රී භවානන්දරාජා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article