(3.20 pm ) ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබුන අතර මේ පිරිස අද (18) අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට ළඟා වූහ.
මෙම දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්ණ කරමින් සිටින බව මාධ්‍ය අද වාර්ථා කර තිබුණි.
මේ අතර තවදුරටත් ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව නිව්ස්ටියුබ් වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ.තමන්ට ශ්‍රිලංකාවට පිටුවහල් නොකරන ලෙස මධුෂ් විසින් අදාළ අභියාචනය හරහා ඉල්ලා තිබේ.