වර්තමාන රජය සාධාරණත්වය, යුක්තිය පිළිබඳ කතාබහ කිරීම විහිළු සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ අම්බලන්ගොඩ නගරයේ පැවති ජනහමුවක් අමතමින් පවසා තිබුණි
මිනිසුන් ඝාතනය කළ ආණ්ඩුවක් අද දවසේ සාධාරණත්වය ගැන කථා කරන බවත් පැවසු ඒ මහතා, රිචඩ් ද සොයිසා ඝාතනයට ලක්වුයේ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව කාලේ බවත්. එවැනි අය අද දවසේ මාධ්‍ය නිදහස ගැන කථා කරන බවත් පැවසීය.
ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යනු මාධ්‍ය ක්ෂේත්රයට සමබන්ධ මේ සමාජය බුද්ධිමතෙකු සේ එකල ඇගයු අයෙකි. එවන් අයෙකුට රාජ්‍ය පක්ෂ යුගයේ මාධ්‍ය නිදහෙස් කළු දශකය අමතකව ගොස් තිබිම සැබැවින්ම අරුමයකි.
දේශපාලන වේදිකාව වල දෙපැත්තේම දේශපාලකයන් එකිනෙකා පරයා පදනම් විරහිත වාචාල කථා කියවති. එහෙත් මේ සමාජයේ විද්‍යාර්ථියෙකු ලෙස දුටු අයෙකු රටත් ලෝකයාත් පිළිගත් මාධ්‍ය නිදහස නැත්තටම නැතිව තිබුණ යුගය අමතකව තිබිම විහිළුවකි.
2005 වසරේ සිට මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු රාජපක්ෂලා විසින් ඝාතනය කොට තිබුණි.එපමණක් නොව මාධ්‍ය ආයතන උතුරේ මෙන්ම දකුණේද ගිනිබත් කොට තිබුණි.
මාධ්‍ය නිදහස අහිමිකළ අඳුරුතම යුගය ලෙස ඒ වකවානුව මුළු ලෝකයා විසින්ම පිළිගෙන තිබුණි.දැන් රෝහන ලක්ෂමන් නැමැති බුද්ධිමතාට අමතකව ගොස් තිබුනේ ලොවක් පිළිගත් ඒ යථාර්ථයයි.රාජපක්ෂලාගේ ඔඩොක්කුවට වැටුනු බුද්ධිමතුන්ගේ ඛේදවාකයේ තරම් රෝහණ ලක්ෂමන්ගෙන්ම පෙනේ .