Tuesday, December 24, 2024

මාධ්‍යවේදියෙකුට පහරදීම හෙළා දකිමින් මුලතිව් නගරයේ විරෝධතාවක්!

Must read


මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී සහ මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහරදීම හෙළා දකිමින් මුලතිව් නගරයේ විරෝධතාවක් අද පෙරවරු 10.00 ට පැවැත්වේ. ඊයේ (27) මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් ඔහුට එල්ල කළ ලද ප්‍රහාරය හෙළා දකිමින් මෙම විරෝධාතාවය පවත්වනු ලබයි.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාව උතුරු පළාතේ විවිධ මාධ්‍ය සංවිධාන, දේශපාලන නායකයින් සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කිරීමට නියමිතය.

හෙට (28) පෙරවරු 10.00 ට මුලතිව් නාගරික ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගි වන සියලුම දෙනා එක්ව පීඩාවට පත් මාධ්‍යවේදියාට සාධාරණය ඉටු කිරීමටත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමටත් එක්වන ලෙස මුලතිව් මාධ්‍ය සමාජය ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article