Friday, December 27, 2024

මාධ්‍යවේදින් CID ඒකට නොකැදවිමේ තින්දුව දකුණට පමණක්ද ?

Must read

සුදු ළූණු වංචාව පිළිබව ලංකාදිප පුවත් පතේ තුලින් විවිධ හෙළිදරව් කිරිම් සිදුකරන ලද මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබද අගමැතිවරයා මෙන්ම මාධ්‍ය ඇමතිවරයාද මැදිහත්ව තිබුණි.
ඔවුන් කියා තිබුනේ මාධ්‍යවේදින්ව CID ඒකට කැදවිම නොකළ යුතු බවය.
ඒමෙන්ම CID ඒක තුල වගකීම් විරහිතව කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවල දී එම මාධ්‍ය ආයතනය විසින් සහය ලබාදෙන බැවින් මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුව වෙත කැදවීම සාමාන්‍යයෙන් සිදුනොකරන බවයි එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

වාර්තා වී ඇති එම සිදුවීමේදී අපහසුතාවට පත්වූ මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තිමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මාධ්‍යවේදීන් ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පොලීසිය සෑම විටම ගරු කරන බව ද එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර දකුණේ මාධ්‍ය සංවිධාන විසින් නිවේදන නිකුත් කරමින් මෙම තත්වය හෙළා දැක තිබේ.

CID ඒකට එකට දකුණේ මාධ්‍යවේදින්ව කැදවිම මේ අනුව දකුණේ දේශාපලයන් තුල මෙන්ම මාධ්‍ය සංවිධානවලටද කම්පනයක් ඇති තිබෙන ආකාරය මේ අනුව පැහැදිලිය.
එහෙත් මේ ආකාරයෙන් උතුරේ මාධ්‍යවේදින්ට එරෙහිව පොලිසිය නිරන්තරයෙන් හැසිරෙන්නේ පට්ට චණ්ඩියන් ලෙසිනි. එපමණක් නොව උතුරේ මෙන්ම නැගෙනහිරද මාධ්‍යවේදින්ව CID ඒකට කැදවිම පසුගිය කාලය තුල ක්‍රියාත්මක වෙද්දි ඒ් ගැන දකුණේ දේශපාලකයන් හෝ මාධ්‍ය සංවිධාන නිරුත්තරය.
මේ තිත්ත ඇත්ත ගැන ට්විටර් සටහනක් තබමින් ජේෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය ප්‍රශ්ණ කොට තිබේ.
ඔහු විමසා සිටිනේ කොළඹ මාධ්‍ය සංවිධාන සංවිධාන සංවේදි වන්නේ සිංහල ලේ ගැන පමණක්දැයි කියාය.
ඉතිහාසය පුරාම දකුනේ මාධ්‍ය කණ්ඩායම් උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණ පිළිබදව සිටින්නේ මරනින්දකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article