Saturday, September 21, 2024

මාතලේ නගරාධිපති එම තනතුරෙන් ඉවතට

Must read

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාට එම ධුරය දැරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.

නගරාධිපතිවරයා විසින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා කොමිෂන් සභාවක් ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම අලුවිහාරේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කර ඇති බව සඳහන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article