ෆේස්බුක් සමාජජාලය ඔස්සේ සංවිධානය වූ සාදයකදී කොකේන් හා තවත් මත් පෙති වර්ගයක් පානය කරමින සිටි පිරිසක් ඊයේ (03) මාතර කොට්ඨාෂ දූෂන මර්ධන ඒකකය විසින අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩගුවට ගැනීම සිදුව ඇත්තේ මාතර පොල්හේන ප්රදේශයේ හෝටලයකදී සිදුව අැති අතර එහිදී රංගන ශිල්පිනියක් ඇතුළුව තරුණ තරුණියන් 17දෙනෙකු අත්අඩංගුවට පත්ව අැත.
එදින රාත්රිය පුරාවට පවත්වා ඇති මෙම සාදයට විදේශිකයන් ඇතුළු 1500පමන පිරිසක් සහභාගී වී සිට ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම පිරිස සතුව කොකේන් ග්රෑම් 1යි මිලිග්රෑම් 500ක් හා ග්රෑමු 250ක මත් පෙත්තක්ද අත්අඩංගුවට ගෙන ඇත.අත්අඅඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේදී රංගන ශිල්පිනිය ඇතුළු තරුණියන් තිදෙනා මත්වී අඩ නිරුවතින් සිටි බව පොලිසිය කියයි.
මෙම පිරිස අද (04) මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.