Sunday, June 30, 2024

මහේල සහ සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි ! ඊළඟට සනත්ද ?

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව  ඊයේ (26දා) නිල වශයෙන් දන්වා තිබුණි

මහේල 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම තනතුරෙහි වැඩ භාරගත් අතර ඔහුගේ ධුරය 2022 වර්ෂයේ ජනවාරි මස සිට ක්‍රියාත්මක විය.

මහේල පසුගිය 2023 වර්ෂයේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක  කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග සිටියේය. කෙසේ වෙතත් ඒම තරගාවලියේදීද ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා මහේලගේ තනතුර සම්බන්ධයෙන් යම් දෝෂාරොපණයක් එල්ලවිය. අනතුරුව ශ්‍රී ලංකා තවත් සුපිරි ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය 2023 වර්ෂයේදි කණ්ඩායමේ තවත් උපදේශකයෙකු ලෙස පත්විය.

මේ අතර, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

සිල්වර්වුඩ්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ක්‍රිකට් ආයතනය සළකා බලන බවත් ඔහුව එළඹෙන ඉන්දීය හා එංගලන්ත සංචාර සඳහා රඳවා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මොවුන් අනුව යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස අසාර්ථක ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ සනත් ජයසුරියද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් මේ අතර කසුකුසුවක් පවතින බව ශ්‍රිලංකා වෙබ් අඩවිය වැඩිදුරටත් එම පුවතේ සදහන් කර ඇත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article