මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීම සදහා මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයාගේ දැනුම්දුන් බවයි.
එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට තිබීම හා මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙන් දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවයි.