Saturday, September 21, 2024

මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ලබාගන්න නිලධාරීන් නාවලපිටියට : අරවින්ද සහ තරංග ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවයි

Must read

පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය මුදලට පාවාදුන් බවට සිදුකල ප්‍රකාශය සම්බන්දයෙන් මේ වන විට ආරම්භ කර ඇති විමර්ශණ අනුව එවකට තේරීම්කමිටු සභාපති වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් පැය 6කට වැඩි කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන්කරගෙන තිබිණි.

අරවින්ද මහතාට ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණෙන ලෙස විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් දන්වා ඒ අනුව කටයුතු කර තිබුණත් ඔවුන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට තකහනියේ නාවලපිටියට ගොස් තිබුණි.

එමෙන්ම මේ වන විට 2011 ලෝක කුසලාන අවසන් තරඟයේ ක්‍රීඩා කල උපුල් තරංගටද හෙට (01) උදෑසන 10.00ට ප්‍රකාශයක් ලබාදීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article