සමූහයක් ඉලක්ක කරගනිමින් මසක් ඇතුලත ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ දෙවන වෙඩි තැබීමේ සිදුවීමෙන් පස් දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ඇමෙරිකාවෙන් වාර්තා වේ.
‘මිඩ්ලන්ඩ්’ සහ ‘ඔඩෙසා’ නගර අතර දී තුවක්කුකරු වාහනය නතර කරන ලද පොලිස් නිලධාරියකු තුවක්කුකරුගේ පළමුව වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇත. ඉන් නොනැවතුන තුවක්කුකරු වෙනත් වාහන කිහිපයකට සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් කිහිපදෙනෙකුට ද වෙඩි තබා ඇත. ඉන්පසු සිනමා ශාලා පරිශයකදී පොලිස් වෙඩි පහරට ලක්වූ තුවක්කුකරු මිය ගියේය.
මෑතකදී වාර්තා වූ ‘ටෙක්සාස්’ සහ ‘ඔහායෝ’ වෙඩි තැබීම් වලින් අනතුරුව ගිනිඅවි මිලදී ගැනීම් සිදු කරන විට අදාළ පුද්ගලයන්ගේ පසුබිම දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු බවට දැඩි හඩක් නැගුණ අතර ඒ සම්බන්දයෙන් තමන් කටයුතු කරන බව එවිට ජනාධිපති ට්‍රම්ප් පැවසූවත් ජාතික රයිෆල් සංගමයේ ප්‍රධාන විධායක වෙයින් ලාපියරේ ගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ජනාධිපති ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කරන ලදැයි පැවසේ.