කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් රතන හිමි හා චන්න ජයසුමන විසින් රට තුළ මහත් ආන්දෝලනයක් මතුකළ නාටකය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පිළිගෙන තිබේ.
ඔහු විසින් තබන ලද ෆේස්බුක් සටහනකට “අනෙකුත් පක්ෂ සමඟ සන්සන්දනය කිරීමේදී පොහොට්ටුව අන්තවාදීන්ගෙන් පිරිලා, ඔවුන් තමයි සාෆි නාටකයත් නිර්මාණය කළේ” යනුවෙන් ලැබී තිබුණු ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින් අලි සබ්රි මහතා ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ “ඔව්, මම පිළිගන්නවා. ඒකට තමයි අභ්‍යන්තර සංවාදයක් ඕනේ, ඒක දැනටත් සිදුවෙමින් තියෙනවා. නිරාගමික සාමාජිකයින් ඉවත්වීම මීට විසඳුමක් නෙවෙයි” යනුවෙනි.
මේ වන විට වෛද්‍ය සාෆිට එරෙහිව දැඩි මුස්ලිම් විරෝධයන් නිර්මාණවය කල රතන හිමියන්ද පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහතාෙග් දෑත් ශක්තිමත් කිරීමට පැමිණීමත් අලි සබ්රි මහතාගේ මෙම ප්‍රකාශය තවත් තහවුරු කරන කරුණක් බවට පත්ව ඇත. මව්වරුන් 4000ක් වදකිරීමේ නාටකය දැන් අවසන්ව ඇති අතර චන්න ජයසුමනද දැන් වද වී ගොස් සේය.
මේ සියලු කරනු සලකා බැලීමෙදී වෛද්‍ය සාෆි බිල්ලට ගනිමින් රගදැක්වූ නාටකය හුදෙක් ගෝඨාභට රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයට දේශපාලන වාසි ලබාගැනීම සදහා සිදුකල තවත් එක් ව්‍යාපාරයක් බව ඔප්පු වී හමාරය .