ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු තවත් 31 දෙනෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.ඒ එළැඹෙන 24 දා දක්වායි.
නදීමාල් හා අමල් වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි මහතා ඩුබායි වෙත ගොස් ඇති අතර ඊයේ දිනයේදී ඔහු නදීමාල් හා අමල් පෙරේරා හමුවී ඇති අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඇප ඇයදුම් පතක්ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්ථා වෙයි.