Friday, September 20, 2024

මඩකලපුව ‘නවගිරි’ පාසල් භූමියේ LTTE ආයුධ සොයා කළ කැනීම් අත්හිටුවයි

Must read


ඊයේ  (27) මඩකලපුව වෙල්ලාවලි  ‘නවගිරි’ පාසල් පරිශ්‍රයේ තුළ පොලීසිය හා හමුදාව විසින් විශාල කැනීම් සිදුකරමින් එල්.ටී.ටී.ය විසින් පාවිච්චි කළ ආයුධ සොයා පරීක්ෂාවක් සිදුකරන ලදී. සෝදිසි කිරීම සවස් වන තුරුම පැවති අතර කිසිඳු භාණ්ඩයක් සොයා නොගැනීම නිසා පොලිසිය විසින් කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.   මෙම පාසල් පරිශ්‍රය අතීතයේ දී එල්ටීටීඊ සංවිධානය විසින්  පාලනය කළ කඳවුරක් ලෙස ක්‍රියාත්මක විය.

කලුවන්චිකුඩි සංචාරක අධිකරණයෙන් ලබාගත් නියෝගයට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, විශේෂ කාර්ය සාධක බලකාය සහ වෙල්ලාවලි පොලිසිය සමඟ ඊයේ පොළව කණින  යන්ත්‍රයකින් (JCB)  මෙම  කැණීම් සිදුකරන ලදී.
මඩකලපුව වෙල්ලාවේලි ප්‍රදේශයේ මන්දුර් 37 වන ගම්මානයේ මෙම ‘නවගිරි’ පාසල පිහිටා තිබේ.


දේවා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article