Saturday, September 21, 2024

මඩකලපුවේ ළමා හිතකාමී නගර ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

Must read



මඩකලපුව මහ නගර සභාව සහ සෙරී ආයතනය විසින් යුනිසෙෆ් අරමුදල සමග ඒකාබද්ධව පවත්වන ළමා අයිතිවාසිකම් හා ළමා මිත්‍ර නගර ව්‍යාපෘතිය ආරම්භ කර මේ වන විට වසරක් සපිරෙයි.

මඩකලපුව මහ නගර සභාව විසින් මෙම ළමා හිතකාමී නගර ව්‍යාපෘතිය දරුවන් සම්බන්ධ ස්වේච්ඡා සංවිධානයක් සහ සමාජ අවශ්‍යතා ඇති පළාත් පාලන ආයතන සමඟ එක්ව නගර සීමාව තුළ ප්‍රදේශ 20 ක් පදනම් කරගෙන සංවර්ධනය කරන ලදී.

මෙම වැඩසටහන යටතේ දරුවන්ගේ ආරක්‍ෂාව සහ ඔවුන්ගේ ස්වාධීන ජීවන රටාව සැලකිල්ලට ගනිමින් මඩකලපුව නගරය ළමා හිතකාමී නගරයක් බවට පත් කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙම ළමා හිතකාමී නගර පිහිටුවා ඇතත්, අනෙකුත් නගරසභා වලට ආදර්ශයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය පිහිටුවන ලද පළමු අවස්ථාව මෙයයි.

නගරය තුළ වෙසෙන දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීමට අමතරව, ඔවුන්ගේ සතුටුදායක ජීවන රටාවන් වෙනස් කිරීමෙන් සහ නගරය තුළ ජීවත් වන දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් අතර සමීපභාවය වැඩි කරමින්, වැඩි කාලයක් ගත කිරීමට දෙමාපියන් උනන්දු කරවමින්, දරුවන් සමාජීය වශයෙන් වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීම ද මෙම වැඩසටහනෙහි අරමුණයි.

එසේම මඩකලපුව ළමා පරිවාස ඒකකය, මඩකලපුව පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා ඒකකය යනාදිය තුළ ළමා හිතකාමී ප්‍රදේශ ප්‍රවර්ධනය කර ඇත. මඩකලපුවේ රජයට අයත් ආරක්‍ෂිත නිවසක ගෘහස්ථ පුස්තකාලය වර්ණවත් කර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.

මඩකලපුව නගර සීමාව තුළ තෝරාගත් පාසල් 07 ක වර්ණවත් අධ්‍යාපනික ප්‍රවෘත්ති සැලසුම් කර ඇත. මන්දපෝෂණය තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජා ගොවිපල ක්‍රියාකාරකම් වලින් සියයට 50 ක දියුණුවක් ද දක්නට ඇත. අලංකරණය හා ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම සමාජ දැනුවත් කිරීම හා කෝවිට් 19 කොන්දේසි සම්බන්ධ ව්‍යාපෘති ද ඒ යටතේ ක්‍රියාත්මක කර ඇත.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article