
බේරුවල ධීවර වරායේ ධීවරයන්ට PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු පැවසුවේ, උදෑසන කාලයේ වසා තැබුණ ද පස්වරුවේ තොග වෙළෙඳුන් වෙනුවෙන් ධීවර වරාය විවෘත කිරීමට නියමිත බවයි.