Saturday, September 28, 2024

බුද්ධි නිලධාරියාගෙන් මත්පැන් බෝත­ල­යක් ඉල්ලූ දෙදෙ­න­කු බන්ධනාගාරයට

Must read

 

රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුට හිමි තෑගි වවු­ච­ර­යක් අත්සන් කර ලබා දීම සඳහා රුපි­යල් තුන්ද­හස් හය­සිය හත­ළි­හක් වටිනා මත්පැන් බෝත­ල­යක් ඉල්ලූ බව කියන කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ අංක 07 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ උසාවි කට­යුතු භාර නිල­ධා­රියා සහ පිරි­සිදු කර­න්නකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබ තිබුණේ අංක හත මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පිරි­සිදු කරන අංශයේ සේව­ක­යකු වන මොහො­මඩ් ඉස්ම­යිල් සහ එම අධි­ක­ර­ණයේ උසාවි රාජ­කාරි කට­යුතු භාර පොලිස් සැර­යන් සරත් ප්‍

රේම­ලාල් යන අය­ව­ලුන්ය.

මෙම සිද්ධි­යට අදා­ළව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ස­මට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකි.

බීමත් රියැ­දු­රන් අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධ­යෙන් වන තෑගි මුදල් ලබා­ගැ­නීම සඳහා වන වවු­චර් පත් සකස් කර ඒවා උසාවි භාර නිල­ධා­රි­යාගේ අත්සන ලබා ගැනීම සඳහා පැමි­ණි­ලි­කාර පොලිස් නිල­ධා­රියා අලු­ත්කඩේ අංක 7 අධි­ක­ර­ණයේ උසාවි කට­යුතු භාර පොලිස් නිල­ධා­රි­යාට ලබාදී ඇති බවත් ඒවා අත්සන් නොකි­රීම සම්බ­න්ධ­යෙන් විම­සීම සඳහා ඉකුත් 18 වැනිදා අධි­ක­ර­ණ­යට ගොස් ඇති බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

එහිදී අධි­ක­ර­ණයේ සිටි වැලි­කඩ පොලිස් ස්ථානයේ අධි­ක­රණ කට­යුතු භාර පොලිස් කොස්තා­ප­ල්ව­රයා පැමි­ණි­ලි­ක­රුට දන්වා ඇත්තේ අංක හත මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නිල­ධා­රින් හට අරක්කු බෝතල් දෙකක් පමණ දී එම අත්සන ලබා ගන්නා ලෙසට බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

පසුව පැමි­ණි­ලි­කරු නැවත ඉකුත් 26 වැනිදා අධි­ක­ර­ණ­යට ගොස් තෑගි වවු­ච­ර්පත් පිළි­බ­ඳව සැක­කාර පොලිස් කොස්තා­ප­ල්ව­ර­යා­ගෙන් විමසා සිට ඇති අතර, එහිදී මත්පැන් බෝත­ලය සම්බ­න්ධ­යෙන් නැවත විම­සී­මක් කර ඇති බවත් පසුව පැමි­ණි­ලි­කරු තම කොමි­ස­මට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර ඇති බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව පැමි­ණි­ලි­කරු කළ පැමි­ණි­ල්ලට අනුව උපා­ය­දූ­ත­යකු යොදවා මත්පැන් බෝත­ලය ලබා­දෙන අව­ස්ථා­වේදී සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බව ද එම කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

උපුටා ගැනීම – දිණමින 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article