Tuesday, November 26, 2024

බැසිල්ගේ නඩුවත් කල්යයි

Must read

පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992ක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබාදීම මගින් රජයේ මුදල් සාවද්‍ය ලෙස භාවිතා කලේ යැයි චෝදනා ලැබ සිටින බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකල නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(16) නියෝග කලේය .

මෙසේ නීතිපතිවරයා විසින් පොදු දේපල පණත යටතේ නඩු පවරා ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල තිලකසිරි ,ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන අයට විරුද්ධවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article