Thursday, January 23, 2025

බැංකු දෙකකින් කෝටි ගණන් මුදල් ලබාගත් කණ්ඩායම් සොයා විමර්ශණ ඇරඹේ

Must read

ජාත්‍යන්තර හැකර්වරුන් හා ශ්‍රී ලාංකික කණ්ඩායමක් එක්ව මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික බැංකුවක තිබූ රුපියල් කෝටි ගණනක මුදල් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් මගින් රහසිගතව ලබාගැනීමේ අපරාධයක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

එම බැංකු දෙක කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මූලික විමර්ශන අරඹා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ විදෙස් රැකියා සොයා ජපානයට ගිය කණ්ඩායමක් මගින් විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ට මෙම බැංකුවලින් නිකුත් කරන ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ හා මුදල් ලබා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවයි.

කාඩ්පත්වලින් මුදල් ගනුදෙනු සිදු කළ පසු අදාළ රටවලින් එන දත්ත ස්වයංක්‍රීයව ගිණුම්වලට එක්වන ක්‍රමවේදයක් මේ බැංකුවල තිබී නැත. ඒ වෙනුවට බැංකු නිලධාරීන් යොදවා දත්ත ගිණුම්වලට එක්කිරීමේ (manual) සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔවුන් ක්‍රියාත්මක කර තිබේ.එලෙස බැංකු නිලධාරීන් යොදවා දත්ත එක්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් හඳුනාගෙන මෙම ජාවාරම් කල්ලි කාඩ්පත් ඔස්සේ ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article