Friday, September 20, 2024

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කරොත් වැඩකරන්න ඕනේ මෙහෙමයි

Must read

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් කෙරිණි.

ඒ අනුව …

  • එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාරවලදී කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාවල නියපොතු සාත්තුව, අත් සහ පාවල රෝම ඉවත් කිරීම යන සේවා පමණක් ලබාදිය යුතු වෙයි.
  • බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතු අතර රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය.
  • එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතු අතරසේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුය.
  • සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුය.
  • රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුය.
  • සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතුය.එමෙන්ම සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුය.
  • සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය. එමෙන්ම අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුය.
  • සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. එමෙන්ම ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය. සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.
  • සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම් වෙයි.
  • බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි. මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article