Saturday, March 7, 2026

”බහාලුම් 323 ක් නීති විරෝධී ලෙස පිටතට පැමිණීමේ ප්‍රශ්නයට දඩුවම් දීම රජය නිලධාරීන් පිට පටවනවා ”

Must read

රේගුව බාරේ තිබූ  කන්ටේනර් 323  ක බහාලුම් නීති විරෝධි ආකාරයට  ,පරීක්ෂා කිරීමකින් තොරව පිටතට යෑම සම්බන්ධයෙන් මේ වනතෙක්  රජය විසින්   නීතිමය ක්‍රියාමාර්ග  නොගැනීම ගැන .මන්ත්‍රී නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු  මහතා විසින් අද මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකරන ලදී. ඒහිදී ඔහු කියා සිටියේ රජය විසින් මෙයට වගකිවයුත්තන්ට ඒරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන ඒයට දඩුවම් පැමිණවීම නිලධාරීන්ගේ වගකීමක් බවට පත්කර ඇති බවයි.   මෙයට ආසන්නම සිදුවීමක් ලෙස මෙම බහාලුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත්කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ජුනි 30 වනදා පාර්ලිමෙන්තුවේද විවාදයට ලක්විය.

මෙම  බහාලුම් 323 ක් සම්බන්ධයෙන් , සමගි  බලවේගය නියෝජනය කරමින් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු නීතිඥ කණ්ඩායමක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි මාසයේදී පැමිණිල්ලක්  සිදුකර ඇති අතර ඒයට ඇමුනුමක් ලෙස  මෙම බහාලුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති කමිටු වාර්තාවක්ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකිරිමට පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ඇතුළු නීතිඥ කන්ඩායම කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා විසින් මෙම බහාලුම්323 ක් නීති විරෝධී ආකාරයට පිටතට යාම පිළිබදව සොයැබැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත්කර නොමැති බවයි. ඒමෙන් වාර්තාවේ කරුණු දෙස බැලූ විට රේගු අධ්‍යක්ෂකවරයා සහ නිලධාරීන් මත වරද පටවා  ඇති බවත් , රජය විසින් මෙය නිලධාරීන් මත පටවා නිදහස් වී ඇති බවත් , ඒසේ නොවී මෙම ගැටලුව සම්බන්ධයෙන් නඩු පවරා නීතිමය පියවර ගැනීමට රජය මැදිවත්විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

https://www.facebook.com/watch?v=1493526248313820

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article