Wednesday, December 25, 2024

බස් රථ ප්‍රමුඛතා මංතීරු …??

Must read

කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන අද (02)  සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ .

මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ ,පුද්ගලික බස් රථ ,පාසල් බස් හා වෑන් රථ ,කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කල හැකි අතර වෙනත් වාහන ඉහත කාල සිමාවන්වල මෙම මංතීරුවට ඇතුල් කල නොහැකි බව පොලිසිය නිවේදනය කරයි .

මේ ආකාරයෙන් අවස්ථා කිපයදිම මෙම බස් රථ ප්‍රමුඛතා මංතිරු ක්‍රමය ක්‍රියාත්මක කර තිබුණද එය වඩාත් විධිමත් කොට ස්ථාවර ලෙසින් පවත්වාගෙන යැමට අපොහොසත්විම නිසා ඒ බොහෝ අවස්ථාවලදි එය මාධ සංදර්ශනයක් පමණක් බවට පත්වු පමණක් නොව ඒ වැඩසටහන් වෙනුවෙන් විශාල ධනස්කන්ධයක්ද වැය කරන්නට වු බව මේවා ක්‍රියාත්මක කරවන බලධාරින් විසින් සිහිකැදවා ගත යුතුව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article