සබරගමුව , බස්නාහිර , මධ්‍යම , දකුණු , වයඹ ,ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද(18) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
වැසි සමග බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය , කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩගැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.