Saturday, October 5, 2024

බලය විමධ්‍යගත කිරීම ගැන ප්‍රතිපත්තිය ‘නව ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ

Must read

පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල නොදෙන බවට සහතික වෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක ගේකැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයා බලයට පත් ආණ්ඩුව බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තිය හෙළි කිරීමෙන් වැලකී තිබේ.” එය නව ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ අපි ඒ කටයුත්ත ආරම්භ කරනවා. එහිදී ඒ සදහා වෙච්ච ප්‍රවේශය ලබා ගන්නවා.”අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් එම පිළිතුර ලබා දී තිබුනේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ මංගල කැබිනට් මණ්ඩලයේදී ගත් තීන්දු දැනුම් දීම සදහා ඔක්තෝබර් 01 වැනි අගහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැදවා තිබු මාධ්‍ය හමුවේදීය.

ඒ නව රජය යටතේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න වලට කුමන ආකරයේ විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වන්නේදැයි මෙන්ම 13 වැනි සංශෝධනය පිළිබද රජයේ  ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදිනියක විසින් විමසු පැනයට පිළිතුරු ලෙසිනි.

වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විජිත හේරත් අමාත්‍යවරයා සදහන් කර තිබුනේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාතික ප්‍රශ්නය විසදීම සදහා වැඩ පිළිවෙලක් පවතින බවයි.

“පළවෙනි කාරණාව තමයි, පහුගිය දිනවල පැවැත්වූනේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක් පත් කරනු ලැබුවා. ආණ්ඩුව පත් කිරීම සදහා දැනට පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවලා තියනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් උනාම තමයි ආණ්ඩුව පිහිටුවිම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිවම ජාතික ප්‍රශ්නය විසදීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවගේ ජන මතයෙන් අනුමත කිරීම සදහා වෙච්ච ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් තියනවා.”

නව ජනාධිපතිවරයාගේ ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී දේශපාලන සිරකරුවන් ගැන සාකච්ඡා නොකළත් ඉදිරියේදී ඔවුන් නිදහස් කිරීමේ නීති රාමුව ගැන සාකච්ඡා කරන බවත් මාධ්‍යවේදියකු විමසු පැනයට පිලිතුරු ලෙසින්  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කර තිබේ.

“අපේ ස්ථාවරය එලෙසමයි. දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දිය යුතුයි. ඒ සදහා වෙච්ච නීතිමය රාමුවක් තියනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ පිළිබද වාර්තා නිසි පරිදි ලබා ගෙන ඒ කටයුතු අපි ඉදිරියට කරන්න සුදානම්. ඉතින් ඊයේ පැවතුනේ ප්‍රධාන, අත්‍යවශ්‍ය කරුණු පිළිබදව කැබිනට් රැස්වීමක්. එහිදී සියල්ල පිළිබද තීන්දු ගත්තේ නැහැ. නමුත් ඉදිරියේ දී විශේෂයෙන් නව ආණ්ඩු ක්‍රියාවලියත් එක්ක ඒ පිළිබදව අපි අනිවාර්යයෙන් තීන්දු ගන්නවා.”

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රට කරවන ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආණ්ඩුව නොවන්නේ කෙසේදැයි අමාත්‍යවරයා පැහැදිලි කළේ නැත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article