Sunday, January 12, 2025

බදු වැඩි වීමෙන් වාහන ආනයනය පහතට

Must read

ජනවාරි සිට ජුනි දක්වා කාලය තුල ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික වාහන සදහා දරන වියදම අඩුවී ඇති බව ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිලිබද වාර්ථවේ සදහන් වේ. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ජනවාරි හා ජුනි මාසය දක්වා වාහන අානයනය වියදම 60.1%කින් අඩුවී ඇත.

එමෙන්ම 2018 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2019 වසරේ ජුනි මාසයේදී වාහන අානයනය සදහා දැරූ වියදමද 67.2%කින් පහත ගොස් ඇත.

පුද්ගලික භාවිතය සදහා වාහන ආයනය කිරීම අඩුවීමත් ,සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු හන,දෙමුහුම් හා විද්‍යූත් වාහන ආනයනය මත 2019 වසරේදී පනවන බදු ඉහළ දැමීමෙත් මෙම තත්වයට හේතු වී අැති බව ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිලිබද වාර්ථවේ සදහන් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article