Monday, December 23, 2024

බත් පැකට්,කොත්තු, මිළ පහලට ! හැබැයි පාන් අඩුකරන්න බෑලු …..

Must read

අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා තිබේ

ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් මෙලෙස ආහාරවල මිල අඩු කිරීමට තීරණය කළ බව එම සංගමය පවසා තිබේ

මීට අමතරව කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් පහළ දැමිමට නියමිතය

ඒ අනුව, කිරි තේ කෝපපයක් නව මිල රුපියල් 90ක් වන අතර ප්ලේන් ටී එකක නව මිල රුපියල් 30ක් දක්වා පහළ යනු ඇත.

මේ අතර බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය.

ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article