මුලතිව් දිස්ත්රික්කයේ ඔඩ්ඩුසුඩාන් පොලිස් බල ප්රදේශයට අයත් ජල පෝෂක ප්රදේශයෙන් පුරාවස්තු බවට සැකකරන විශාල ගල් දෙකක් නීතිවිරෝධී ලෙස වවුනියාවට ප්රවාහනය කරමින් සිටි හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් ඊයේ (21) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු සහ පොදුජන පෙරමුණේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ආකාරයට රැගෙන යමින් සිටි දැවැන්ත ගල රැගත් වාහනය සහ එම පිරිස ගමන්ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම පිටුපස නිධන්හැරීමේ මෙහෙයුමක් තිබෙන බවත් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබෙන බවත් පොලීසිය පවසයි.