ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් විසින් ඊයේ (24) ‘ෆේස්බුක්’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත දඩයක් පැනවූහ. ඒ පෞද්ගලිකත්වය උල්ලංඝණය කල බවට චෝදනා කරමිනි. පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමේ වරදට ඕනෑම සමාගමකට පැනවූ ඉහළම දඩය මෙය බව එම දඩය පැනවූ “ද ෆෙඩරල් ට්රේඩ් කමිෂන් ” සදහන් කරයි.
මෙම දඩය පැනවීමෙන් අනතුරුව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් නව සීමා ඉදිරිපත් කරල ලෙස හා සංස්ථාපිත ආකෘතිය නවීකරණය කරන ලෙසද ඇමරිකානු බලධාරීන් විසින් ෆේස්බුක් සමාගම වෙත දන්වා ඇත.