


පෝලිම් නැති රටක් වෙනුවෙන් වෙබ් මාධ්‍යවේදියෙකු වන විමුක්ති දුෂ්ෂන්ත ඇතුළු තරුණ කණ්ඩායමක් විසින් කොහුවලින් ඇරඹි නිහඩ විරෝධය මේ වන නගර ගණනාවකට පැතිර යමින් තිබේ. හෘද සාක්ෂියක් ඇති ගැහුණුන් සහ මිනිසුන් ඒ වටා මේ වන විට පෙළගැසෙමින් සිටිති.
ඊයේ දිනයේ කොහුවලදි එය 19 වෙනි දිනටත් පැවැත්වුණි.
දේශපාලන පක්ෂ විසින් හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් හෝ කැදවනු ලබන විරෝධතාවයන්ට වඩා වෙනස්ම හැඩයක් ගනිමින් මෙම විරෝධතාවය සැබෑ ජනතා හෘද සාක්ෂිය විදි පුරා මේ වන විට සටහන් කරමින් තිබේ.
සමාන්‍ය ජනයා තුල මේ වන විට දැවැන්ත විරෝධයක් කැකැරෙමින් තිබේ. එය පාරට ගෙනඒමට අවැසි වන්නේ හෘද සාක්ෂියක් සහිත ගැහැණුන් සහ මිනිසුන් සුළු පිරිසකගේ මුල පිරිමකි.
පෝලිම් නැති රටක් වෙනුවෙන් ඊයේ දිනයේ (19) නිහඬ විරෝධතාවන් පහත නඟරවල පැවැත්වුනි. ■අඛණ්ඩ 19වෙනි දිනය: කොහුවල මංසන්ධිය – සවස 7.30■කැළණිය බස් නැවතුම්පළ අසළ – සවස 6.30■ජාඇල KZone ඉදිරිපිට – සවස 6.30■රාජගිරිය වික්ටෝරියා නිවාසය අසළ – සවස 6.30■දෙහිවල ශාන්ත මේරී විද්‍යාලය ඉදිරිපිට – සවස 7.00■ගල්කිස්ස මහින්ද මල් ශාලාව ඉදිරිපිට – සවස 6.30■පැලවත්ත ආර්පිකෝ සුපිරි වෙළඳසැල ඉදිරිපිට – සවස 7.00■කළුතර බස් නැවතුම් පළ අසළ – සවස 7.00ඉවසුවා ඇති! එන්න පාරට බහිමු! අපේ බලය අපි ආයෙත් ගමු!!!
ඔබේ ගමෙන් නගරයෙන් එල පටන් ගනිමු . රටපුරාම ගෙන යමු….








Katunayakath ekak karamuda. Free trade zone laga.