මධුමාධව අරවින්ද යනු පොහොට්ටු දේශපාලන තුල සිටින අන්ත වර්ගවාදි දේශපාලකයෙකි. පසුගිය කාලයේ මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවලදි මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දෙමින් පුද්ගලයන් ඝාතනය කරමින් සිදුකර වර්ගවාදියට පෙරමුණ ගත් අයෙකු ලෙසින්ද බරපතල විවේචන මධුමාධව ලක්විය.
දැන් මධුමාධව සහ පොහොට්ටුවේ ඉන්නේ යක්කු බව සිය මුහුණු පොත හරහා ප්‍රසිද්ධියේ රටට කියා ඇත.
එපමණක් නොව හොදින් හෝ නරකින් දේවල් කිරිම ඔවුන්ගේ පිළිවෙල බවද එහිදි අවධාරණය කොට තිබේ.
ගෝඨාභය ඇතුළු රාජපක්ෂ රෙජිමය මේ රටේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු වසර 2005 සිට වසර 2015 දක්වා ඝාතනය කොට තිබේ.
යුද්ධය නිමාවිමෙන් පසු යටත්වු ජනකොටස්ද ඝාතනය කර ඇත.යුධ සමය තුල අතුරුදන් කරනු ලැබු තැන්තන්ගේ පවුලේ ඥාාතින් අදටත් උතුරේ විරෝධතාවල නියැලි සිටිති.
සුදුවැන් මගින් ජනයා පැහැරගෙන ගොස් ම්ලේච්ජත්වය රටට මුදා හැර තිබුණි.
ඉතින් සැබැවින්ම මධුමාධවගේ පරපුර යක්කු බව ඔවුන් පසුගිය රාජ්‍ය පාලන කාලය තුලත් ඉන් පසුවත් ඉතාමත් පැහැදිලිව ඔප්පු කොට තිබේ.
ඉතින් මේ රටේ පුරවැසියන් හමුවේ ඇති දැවැන්ත අභියෝගය වන්නේ යක්කුන්ගේ පාලනයකට නතුවි මරණය වැළදගන්නවාද ? ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන සාමකාමි පාලනයකට මග සලසනවාද යනුවෙනි .