ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරණ රැළියක් සදහා ඇහැළියගොඩ ප්රදේශයේදී සහභාගී වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනවිරත්න මහතා එහිදී ජනතාව ඇමතීම සදහා වේදිකාවට ගොඩවන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්ථා වෙයි.
එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් විසින් හූ කීමට පටන් ගෙන ඇති අතර හූ හඩ අවසන් වන තුරු කථාව ආරම්භ නොකර බලා සිටි ජෝන් සෙනෙවිරත්න මහතාට සිදුවූයේ හූ හඩ මැදම සිය කථාව ආරම්භ කිරීමටය. නමුත් කථාව සිදුකරන අතරතුරත් හූ හඩේ අඩුවක් නොවීම හේතුවෙන් කථාව අතර මත නවතා වේදිකාවෙන් බැස යාමට ඒ මහතා කටයුතු කර ඇති බවද වාර්ථා වෙයි.
මින් පෙර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැළියේදී ශ්රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට ද පොහොට්ටු සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර එහිදී දුමින්ද දිසානායක මහතාටද හූ සංග්රහයක් ලැබී තිබිණි.