Saturday, September 21, 2024

පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ..

Must read

 

විමර්ශන අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

භාෂණයේ, ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධවයි

කොළඹ ගාලුමුවදොර අද (09) පැවැති සාමකාමී විරෝධතාවයක් සහ සැමරුමකට ශ්‍රී ලංකා පොලිසිය බාධා කරමින් එහි සාමකාමීව සිටි කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිසිය දිගින් දිගටම කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණවලට පහරදෙමින් භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පැවතීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිලිවලට අතිරේකව මෙම පැමිණිල්ලද යොමු කරමු.

පුරවැසියන්ට සාමකාමීව රැස්වීමටත්, විරෝධතාවයේ නියැලීමටත් අයිතියක් ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු අයිතිවාසිකමක් මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් පිළිගත් මානව හිමිකමකි. එසේ තිබියදී, ශ්‍රී ලංකා පොලිසිය දිගින් දිගටම මෙම අයිතිවාසිකම උල්ලංඝණය කරමින් පවතී.

අද ගාලුමුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට ශ්‍රී ලංකා පොලිසිය බාධා කළ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ සමඟ ඇත. පොලිසිය සාමකාමී උද්ඝෝෂකයන්ට කෘර සහ අවමන් සහගත ලෙස ද සැලකූ අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වූවන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම සජීවීව විකාශය කරමින් සිටි ශිෂ්‍යයකේ සහ නීතිඥයෙක් ද සිටියි.

මෙම සිදුවීමට අදාල ප්‍රධාන වගඋත්තරකරුවන් පහතින් නම් කරන අතර ඉතිරි පිරිස පිරිසගේ ඡායාරූප වෙනම එවීමට කටයුතු කරමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ශ්‍රී ලංකා පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල බවට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු. මින් ඉදිරියට සාමකාමී උද්ඝෝෂණවල මර්දනය කිරීමට කටයුතු නොකරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරන ලෙස ද ඉල්ලා සිටිමු.

වගඋත්තරකරුවෝ
01 ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, ස්ථානාධිපති, කොටුව පොලිස් ස්ථානය.
02 සහකාර පොලිස් අධිකාරී දිල්රුක්, කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසය.
03 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කොට්ඨාස භාර නිලධාරී, කොළඹ මධ්‍යම කොට්ඨාසය.
04 නියෝජ්‍ය පොලිස්පති, කොළඹ.
05 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත භාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, කොළඹ.
06 චන්දන වික්‍රමරත්න, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.
07 එස් හෙට්ටිආරච්චි, ලේකම්, මහජන සාමය අමාත්‍යංශය.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

තරිඳු ජයවර්ධන
සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’
web.yjasl@gmail.com

පිටපත්
1) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය.
2) සභාපති, පොලිස් කොමිෂන් සභාව.
3) සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
4) විධායක කමිටුව, තරුණ නීතිඥ සංගමය.

උපුටා ගැනීම – තරිඳු ජයවර්ධනගෙනි
Tharindu Iranga Jayawardhana

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article