Wednesday, January 22, 2025

පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි වෙලා ! කොස්තාපල්වරියට පාට් දැමු කෙනාගේත් පටි ගැලවේ

Must read

පොලිස්  ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර  දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්, ඔවුන් දැරු ධුර වලින් ඉවත්තර සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙළුව, ඕපාත, ඉගුරුවත්ත, ගිරානේගම, මධුරාගොඩ, මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථාන මාරුවීම්  සම්බන්ධ පොලිස් පණිවිඩය නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාව එම්.එන්.සිසිර කුමාර ගේ අත්සනින් ඉකුත් 23 දින නිකුත් කර තිබුණ.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් සිදුකළ බව එම නිවේදනයේ සදහන් වේ.

(ද ලිඩර් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article