Friday, September 20, 2024

පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කර ටිපර් රථයක් පලා යයි : එක් නිලධාරීයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

Must read

කිරින්ද නගරයේ වාහන පරික්ෂා කිරීමේ රාජකාරී වල නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුව ටිපර් රථයක් විසින් යටකර පලායාමේ සිදුවීමක් හක්මන පොලිස් වසමේ කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේදී සිදුව ඇති අතර එහිදී එක් පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (13) රාත්‍රී 11.00ට පමණය.
මෙම ටිපර් රථය මාතර සිට හක්මන දෙසට ධාවනය වෙමින් පැවති ටිපර් රථයක් වන අතර නිලධාරීන් විසින් ටිපර් රථය නැවැත්වීමට සංඥා කර ඇතත් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන් ටිපර් රථය ලුහුබැඳ ඇත.මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂා කරන අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත
(ඡායාරූප හා වීඩියෝ – අදදෙරණ)
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article