පෙබරවාරි 03 වනදා නැගෙනහිරන් ආරම්භ වූ දමිළ කතාකරන ජනයාගේ විරෝධතාවයට (පොතුවිල් සිට පොලිකන්දි දක්වා පැවති ) සහභාගී වීම සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර තිබේ. අද (18) උදෑසන ඒ මහතාගේ කාර්යාලයට පැමිණි මඩකලපුවේ පොලිස් නිලධාරියෙකු විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් යෝගේස්වරන් මහතා පවසා ඇත්තේ “මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් පොලිසිය විසින් , පොතුවිල් සිට පොලිකන්දි දක්වා රැලියට සහභාගීවිම මා හට තහනම්කර 2012.02.06 දින උසාවි නියෝගයක් නිකුත් කරඇති බවත්, රැලියට සහභාගී නොවන ලෙසත් දැනුම් දුන්නා. එමෙන්ම “මේ රට ප්රජාතන්ත්රවාදී රටක්. මගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පදනම් කරගෙන මම එවැනි සත්යග්රහ අරගලවලට සහභාගි වීමට ගිය බව සත්‍යයක්. උසාවි නියෝගයේ මගේ සදහන් නොවුනත් , මම එයට ගරු කරමින් එහි යෑම නතර කර නැවත මඩකලපුවට පැමිණියා ”
දේවා