මෙවර ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ඊයේ (27) කැකිරාව ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන සහ ධීවර අමාත්‍ය පී. හැරිසන් මහතා සදහන් කලේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හැරිසන් මහතා සදහන් කර සිටියේ ජනාධිපතිවරයෙකු වීමටනම් එම පුද්ගලයා සමාජ, ආර්ථික මෙන්ම ජාත්‍යන්තර සබඳකම් ආදී දැනුමෙන් පිරිපුන් පුද්ගලයකු විය යුතු බවයි.එමෙන්ම එම පුද්ගලයාට ජනතා කැමැත්ත හිමිවිය යුතු බවත් ඔහු සදහන් කලේය.