පේදුුරුතුඩුවේ කැට්කෝවලම් හමුදා කඳවුර විසින් අත්පත්කරගෙන ඇති ඉඩම් වලින් අක්කර තුනක ප්‍රමාණයක් ඉදිරි දින 14ක් ඇතුලත යළි එහි අයිතිකරු ලබා දෙන බවට හමුදාව ප්‍රකාශ කර ඇතැයි උතුරේ මාධ්‍ය වාර්තා කර තිබේ
එකම පවුලකට අයත් අක්කර 3ක ඉඩමක් පමණක් නිදහස් කිරීමට නියෝග නිකුත් කර ඇති අතර ඒ සඳහා කඳවුර එළිපෙහෙළි කිරීමේ කටයුතු පසුගිය (18) සවස සිට ක්‍රියාත්මකයි.
අදාළ ඉඩම වඩමරට්සි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැට්කෝවලම් වෙරළට යාබද ප්‍රදේශයේ සහෝදරයන් තිදෙනෙකුට අයත් ඉඩමකි.
මෙම ඉඩම දෙවතාවක් හමුදා කඳවුරක් සඳහා පවරා ගැනීමේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ එස්.ගජේන්ද්‍රන් පක්ෂයේ ආධාරකරුවන් සහ එම්.කේ.සිවාජිලිංගම් ඉඩම් හිමියන් සමඟ පොරබදමින් මිනුම් කටයුතු නතර කිරීම විශේෂත්වයක් යැයි උතුරේ මාධ්‍යවේදින් සදහන් කර සිටිති.
මති – යාපනය