– මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මන්නාරමේ මාන්තෙයි බටහිර ප්‍රදේශයේ ජනතාවගෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.
වවුනියාව දිස්ත්‍රික්කයේ අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ‘පෙරාරු’ වැවේ එක් වාන් දොරටුවක් (26) විවෘත කරන ලදී. එබැවින්, එම වැසි ජලය මන්නාරම දිස්ත්‍රික්කයේ පරංගි ගඟ හරහා පිටාර ගැලීමට ඉඩ ඇති බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, පෙරාරු වැවේ වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අපේක්ෂා කෙරේ. එබැවින්, එම වැසි ජලය මන්නාරම දිස්ත්‍රික්කයේ පරංගි ගඟ හරහා පිටාර ගැලීමට ඉඩ ඇත.
එබැවින්, පරංගි ගඟේ පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි බටහිර ප්‍රදේශයේ ජනතාව ඉතා විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
තමන්ගේ ආරක්ෂාව සඳහා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා ලෙස මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ඉල්ලා ඇත.
එස්.ආර්.ලැම්බට්



