Friday, September 20, 2024

පූජිත් හා හේමසිරි ගැන පරීක්ෂණ අවසන් CID අධිකරණයට දැනුම් දෙයි

Must read

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම තුළින් මිනීමැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ඒ එම පැමිණිල්ල අද(23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.යූ ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මේ සම්බන්දයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් එම නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article