Sunday, January 12, 2025

පුහුණුකාරධූරයෙන් ඉවත් කරන්නේ නම් හතුරුසිංහ කෝටි 6ක වන්දියක් ඉල්ලයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පුහුණුකරුවෙකු අතර අත්සන් කර ඇති ප්‍රශ්ණ සහගතම ගිවිසුම වන චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය අතර ගිවිසුමට අනුව හතුරුසිංහ ගිවිසුම් කාලයට ප්‍රථම ඉවත් කරන්නේ නම් රු.කෝටි 6ක වන්දියක් ගෙවිය යුතු බව වාර්ථා වෙයි. එමෙන්ම එම වන්දිය නොගෙවන්නේ නම් ස්විස්ටර්ලන්ත අධිකරණයක් හමුවේ වන්දි ඉල්ලා නඩු පැවරීමේ හැකියාවද හතුරුසිංහ සතුය.

මේ වන විට එසේ වන්දියක් නොගෙන පුහුණුකරුධූරයෙන් ඉවත් වීම හතුරුසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට ඔහුගේ ගිවිසුම් කාලය වසරකට වඩා ඉතිරිව පවතින අතර ක්‍රීඩා අැමතිවරයා නියෝග මත තාවකාලිකව පුහුණුකාරධූරයෙන් ඉවත් කර ඇත. නමුත් ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වන තුරු ඔහුව පුහුණකරු වශයෙන් තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවද වාර්තා වෙයි.

චන්දික හතුරුසිංහ මේ වන විට මසකට රුපියල් ලක්ෂ 75ක දීමනාවක් ලබමින් ක්‍රිකට් ඉතිහාසයේ පුහුණුරුවෙකු ශ්‍රී ලංකාව තුල ලබන විශාලතම වැටුපට හිමිකම් කියයි.

මේ පිළිබදවද හෙට (03) කෝප් කමිටුවේදීද ප්‍රශ්ණ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article