සියළුම කතෝලික පුද්ගලික පාසල් ලබන සදුදා (29) දක්වා නිවාඩු ලබාදීමට තීරණය කල බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා පවසයි.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය.
එලෙසම සියළුම රජයේ පාසල් සඳහා අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇත. මෙම නිවාඩුව තවදුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.