Thursday, December 26, 2024

පුද්ගලික ඔසුසැල් ලියාපදිංචා ගාස්තුව 18000 සිට 7500 දක්වා අඩු කිරීමට තීරණයක් ..

Must read

පසුගිය අගෝස්තු 14 වනදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පුද්ගලික ඔසුසැල් හිමියන් අතර පැවැති රැස්වීමකදී පුද්ගලික ඔසුසැල් හිමියන්ට වැදගත් වන තීරණ කිහිපයට එළැඹ තිබෙනවා.
එහිදී මේ වන විට එම ඔසුසැල් වල ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරෙන ඖෂධ 450ක් ඇති බවත් එයින් ඖෂධ 114කට 18% මිල අඩුකිරීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවටත්, ඔසුසැල් ලියාදිංචි කිරීමේ ගාස්තුව 18000 සිට 7500 දක්වා අඩු කිරීමට අවශ්‍යවන ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බවටත් සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.
එලෙසම පුද්ගලික ඔසුසැල් හිමියන්  සාප්පු සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව, සිල්ලර හා තොග තොග පවත්වාගෙන යාම ලියාපදිංචි කිරීමට පෙර පැවැති  6,500 මේ වනවිටන් රු.38,750 දක්වා වැඩි කර ඇති බව පවසා ඇති අතර,එහිදී ඇමතිතුමන් විසින්  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇතතේ එම ගාස්තුව රු. 10,000 ක් දක්වා අඩුකරන ලෙසටයි.

එලෙසම හල තත්වයෙන් යුතු සේවාවක් ජනතාවට ලබාදීම සදහා විශේෂයෙන්ම පුද්ගලික ඔසුසැල් නියාමනය කිරීමේ අවශ්‍යතාවයද පවසා ඇති ඇමතිවරයා පුද්ගලික ඔසුසැල් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් ඖෂධ ගබඩාකර තබාගන්නා වෛද්‍යවරුන් පිලිබදව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසටයි.

index

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article